Tamil-Sri LankaEnglish (United Kingdom)
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

" ජාතික හා ජාත්‍යාන්තර ප්‍රමිතීන්ට අනුකූලව අනාථ අත්හල අසරණ හා අවදානම් සහිත සහ නීතිමය ගැටළු වලට බදුන් වූ ළමුන්ගේද වෙනත් අයගේද ආරක්ෂාව තහවුරු කර ළමුන්ගේ සහභාගීත්වය උපරිම ලෙස ලබා ගනිමින් සමස්ථ ශ්‍රී ලාංකික ළමුන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම අපගේ මෙහෙවර වේ ."

අපගේ ප්‍රධාන කාර්යභාර

alt දෙපාර්තමේන්තුවට යොමුකරනු ලබන වැඩිහිටි, තරුණ සහ බාලවරදකරුවන්ගේ චරිත හැඩගස්වා පුනරුත්ථාපනය කිරීම.
alt දණ්ඩ නීති සංග්‍රහය අනුව අපරාධයක් වශයෙන් සැලකෙන දෙයක් නොකලත් දෙමව්පියන්ට අවනත නොවන, පාසැලෙන් කට්ටි පනින, මුරණ්ඩු, සමාජ විරෝධී වැඩ කරන ළමයින් යහ මගට ගැනීම.
alt අනාථ, අත්හල, අසරණ හා කෲරකම් වලට ගොදුරු වූ සහ නොයෙක් ආපදා ‍වලටද, අපයෝජනයන්ටද මුහුණ පා සිටින ළමයින් රැකබලා ගැනීම.
alt ළමා සුභ සාධන සේවයේ යෙදී සිටින ස්වේච්ඡා සංවිධාන සහ ආයතන සම්බන්ධව විමර්ශනය, අධීක්ෂණය හා ආධාර සැපයීම.
alt දිළිදු බව නිසා හෝ වෙනත් සමාජීය හේතූන් නිසා ජීවිත බිදවැටීම් වලට ලක්විය හැකි ළමුන් සංඛ්‍යා අඩුකිරීම හා වලක්වාලීම.
alt එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සම්මත කරන ලද ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම හා ළමා අයිතීන් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගැනීම.
alt පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධිකරණය
alt පුහුණු හා පර්යේෂණ කටයුතු